දෙල්තොට කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ සහ කටුගස්තොට උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (19) සංවිධානය කරන ලද ‘දැක්ම’ වැඩසටහනට සහභාගී වීමට මහනුවර දෙල්තොට කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ සහ කටුගස්තොට උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව ලබා දෙන ලදී.

Aug 20, 2025 - 11:47
Aug 20, 2025 - 12:45
 0  9
දෙල්තොට කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ සහ කටුගස්තොට උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

මෙම වැඩසටහන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලද්දකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා, ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබා දෙන සේවාවන් මෙන්ම සිසුන්ට ලබා ගත හැකි ශිෂ්‍යත්ව සහ ප්‍රතිලාභ පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.

ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන පාසල් දරුවන්ට අධ්‍යාපනය අත් නොහරිමින් දීප්තිමත් අනාගතයක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමට ජනාධිපති අරමුදල සූදානම් බව ගමගේ මහතා අවධාරණය කළේය. මෙම උත්සාහයන් කඩිනම් කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වීමට අරමුදල කටයුතු කරන බව ඔහු පැවසීය.

වැඩසටහනේ කොටසක් ලෙස, පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් වටිනා පැළ පාසල් වෙත තෑග්ගක් ලෙස ප්‍රදානය කරන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ආසිරි ගාල්ලගේ සහ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Source- Government news portal

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0
Bhagya Rajitha Liyanaarachchi I am an experienced Editor with over 10 years of work at the Independent Television Network. In Italy, I am working as a freelance journalist across various media sectors. I am also the founder of Nevada Broadcaster in the United States and the creator of the website Wichara. In addition to journalist, I am actively involved in both the media and technology industries, driven by a deep passion for the evolving media landscape.