ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ AWS දත්ත මධ්‍යස්ථානයකට හානි.

කලාපීය යුදමය නොසන්සුන්තාවය හමුවේ මැදපෙරදිග තාක්ෂණික ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි තම දත්ත මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට ඇමසන් සමාගමේ cloud division(AWS) පියවර ගෙන ඇත. මැදපෙරදිග අන්තර්ජාල සේවාවලටත් දැඩි බාධා.

Mar 2, 2026 - 14:23
Mar 2, 2026 - 14:24
 0  6
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ AWS දත්ත මධ්‍යස්ථානයකට හානි.

ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක විය. ඉරානය විසින් ගල්ෆ් කලාපයට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර අතරතුර හඳුනා නොගත් වස්තූන් මෙම මධ්‍යස්ථානයේ ගැටීමෙන් ඇති වූ ගින්නක් මීට හේතු වී තිබේ. AWS දත්ත මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ගිනි පුපුරු සහ ගින්නක් හටගෙන ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස එහි බල සැපයුම විසන්ධ කිරීමට ඉංජිනේරුවන්ට සිදු විය. ඩුබායි, අබුඩාබි, බහරේනය සහ කටාර් යන රටවල ගුවන් තොටුපළවල්, වරායවල් සහ ජනාවාස ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල විය. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල සිවිල් වැසියන් ඇතුළුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

AWS ආයතනයේ නිල ප්‍රකාශය.

AWS ආයතනය තහවුරු කළේ අදාළ දත්ත මධ්‍යස්ථානයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති අතර, පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත්, තවමත් අන්තර්ජාල සබඳතා බිඳවැටීම් (Connectivity issues) පවතින බැවින්, පාරිභෝගිකයන්ට විකල්ප කලාපීය සේවා (Alternate regions) වෙත මාරු වන ලෙස උපදෙස් දී ඇත.

විශේෂ සටහන: එදිනම වාර්තා වූ බහරේන් දත්ත මධ්‍යස්ථානයේ ඇනහිටීම මෙම ඉරාන ප්‍රහාරයන්ට සෘජුවම සම්බන්ධ දැයි යන්න පිළිබඳව ඇමසන් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

දත්ත මධ්‍යස්ථානය තුළ කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති වුවද, ප්‍රහාරය හේතුවෙන් දත්ත ගබඩා කිරීමේ සහ සැකසීමේ සේවාවලට විශාල බාධාවක් එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0
Bhagya Rajitha Liyanaarachchi I am an experienced Editor with over 10 years of work at the Independent Television Network. In Italy, I am working as a freelance journalist across various media sectors. I am also the founder of Nevada Broadcaster in the United States and the creator of the website Wichara. In addition to journalist, I am actively involved in both the media and technology industries, driven by a deep passion for the evolving media landscape.