OpenAI හි නව මාදිලිය ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම ජයගනී

ඕපන් AI හි නවතම බුද්ධිමත් මාදිලිය 2025 ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම ජයගනී! ගැටලු හයෙන් පහක් විසඳමින්, මිනිස් තරගකරුවන්ටත් ඉහළින් AI හි තර්කන හැකියාව ලොවට පෙන්වූ ඓතිහාසික ජයග්‍රහණයක්.

Jul 20, 2025 - 04:34
Jul 20, 2025 - 04:36
 0  10
OpenAI හි නව මාදිලිය ජාත්‍යන්තර ගණිත  ඔලිම්පියාඩ් රන් පදක්කම ජයගනී

ලොව AI තාක්ෂණයේ නව පිටුවක් ලියමින්, OpenAI සමාගමේ පර්යේෂකයෝ පවසනවා ඔවුන්ගේ නවතම පර්‍යේෂන මට්ටමේ පවතින භාෂා මාදිලිය (Experimental language model)  2025 ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ්(IMO) තරගයේදී රන් පදක්කමක මට්ටමේ ජයග්‍රහණයක් ලබා ඇති බව. මෙම AI මාදිලිය, තරගකරුවන්ට දෙන ලද ගැටලු හයෙන් පහක් නිවැරදිව විසඳා, ලකුණු 42න් 35ක් ලබාගෙන තිබෙනවා. මේ ජයග්‍රහණය, AI හි තර්කන හැකියාවන්හි විශාල ඉදිරි පිම්මක් ලෙස සැලකෙනවා.

ගණිතයේ ලෝක ශූරයෙකුටත් වඩා ඉදිරියෙන්

ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් යනු ලොව ඉහළම ගණිත තරගයක් ලෙස 1959 සිට පැවැත්වෙන අතර උසස් පාසල් සිසුන්ගේ බුද්ධිමය හැකියාවන් පරීක්ෂා කරන තරගයකි. මෙවර තරගයේදී OpenAI හි මාදිලිය, මිනිස් තරගකරුවන්ට සමාන තත්ත්වයන් යටතේ, අන්තර්ජාලය හෝ ගණන යන්ත්‍ර භාවිතයකින් තොරව, සම්පූර්ණ භාෂාමය විසඳුම් ලියා ඇත. "මෙය විශේෂිත ගණිත මාදිලියක් නොවෙයි. මෙය සාමාන්‍ය බුද්ධිමත් තර්කන මාදිලියක්," යනුවෙන් ඕපන් AI හි පර්යේෂක ඇලෙක්සැන්ඩර් වේයි (Alexander Wei) සමාජ මාධ්‍ය හරහා පැවසුවා.

මෙම AI, ගැටලු විසඳීමේදී පැය ගණන් "සිතනවා" යනුවෙන් පර්යේෂක නෝම් බ්‍රවුන් (Noam Brown) පවසනවා. "පෙර AI මාදිලි තත්පර හෝ මිනිත්තු ගණනක් සිතුවා. නමුත් මේ මාදිලිය පැය ගණනක් ගැඹුරින් සිතනවා. එය මිනිස් ගණිතඥයෙකුගේ මට්ටමේ තර්කනයක් ලබා දෙනවා," ඔහු තවදුරටත් පැවසුවා.

අනෙක් AI මාදිලින්ට එරෙහි ජයග්‍රහණයක්

මෑතකදී MathArena.ai විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වුණේ Gemini 2.5 Pro, Grok-4, සහ ඕපන් AI හි o3 වැනි බුද්ධිමත් මාදිලි, 2025 IMO තරගයේදී ලකුණු 13කට වඩා ලබා ගැනීමට අසමත් වූ බවයි. එම මාදිලිවල විසඳුම් "තාර්කික දෝෂ, අසම්පූර්ණ තර්ක, සහ ගොතන ලද න්‍යායන්" ගැන පිරී තිබූ බව The Decoder වාර්තාවක් හෙළි කළා.

නමුත් ඕපන් AI හි නව මාදිලිය, මෙම ගැටලු හමුවේ ඉහළින්ම ජයග්‍රහණය කළා. එය, තරගකරුවන්ට දෙන ලද එකම කාලය තුළ, ස්වභාවික භාෂාවෙන් ලියූ විසඳුම්, ඔලිම්පියඩ් රන් පදක්කම්ලාභීන් විසින් පරීක්ෂා කර, ඒකමතිකව ලකුණු ලබා දුන්නා. මෙය AI හි තර්කන හැකියාවන්හි නව පිටුවක් පෙරලීමට සමත්ව කාරනයකි.

තවමත් පර්යේෂණ මට්ටමේ පමණයි

මෙම ජයග්‍රහණය ලොව පුරා උද්යෝගයක් ඇති කළත්, ඕපන් AI පවසනවා මෙම මාදිලිය තවමත් පර්යේෂණ මට්ටමේ බව. "මෙවැනි ගණිත හැකියාවක් සහිත මාදිලියක් ඉදිරි මාස කිහිපය තුළ එළිදැක්වීමට අපි සැලසුම් කරන්නේ නැහැ," ඇලෙක්සැන්ඩර් වේයි පැවසුවා. එසේම, ඔවුන්ගේ ඊළඟ පාරිභෝගික මාදිලිය වන GPT-5, මෙයින්  වෙනත් කණ්ඩායමක් විසින් සංවර්ධනය කරන බවත්, එය ඉක්මනින් එළිදැක්වෙන බවත් ඔවුන් පවසයි.

ගණිතයේ හා AI හි නව යුගයක්

මෙම ජයග්‍රහණය, AI තාක්ෂණයේ වේගවත් දියුණුව පෙන්නුම් කරනවා. ගණිතය වැනි ගැඹුරු බුද්ධිමය ක්ෂේත්‍රයක, මිනිසුන්ටත් ඉහළින් ජය ගැනීමට AI හට හැකි බව මෙයින් ඔප්පු වෙනවා. "මිනිසුන්ට තරග කළ හැකි මට්ටමකට AI ලඟා වීම, එය ඉන් ටිකක් ඉහළින් හෝ පහළින් වුවත්, ලොකු වෙනසක්," නෝම් බ්‍රවුන් පවසනවා.

ඕපන් AI හි මෙම පිම්ම, ගණිතඥයින්ට හා විද්‍යාඥයින්ට තම සිහින යථාර්ථයක් කිරීමට AI භාවිතා කිරීමේ නව මඟක් විවර කරනවා. එය, ලෝකයේ ගණිතය හා තාක්ෂණයේ අනාගතය වෙනස් කරන බලවත් පියවරක් වනු ඇත.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0
Anuhas Kalhara A Tech Startup Founder and academic researcher passionate about STEM education and innovations. Experienced in leadership and innovative research, with a focus on advancing technology and sustainable development.