උඩරට වෙස් ඇඳුම් කට්ටලය ඉංදියාවේ කේරළයෙන්ද?

ඉංදියාවේ කේරළයේ "චක්‍යාර් කූත්තු" පිළිබඳව ඔබේ දැනුමට යමක් එකතු කිරීමට කැමැත්තෙමි. උඩරට වෙස් ඇඳුම් කට්ටලයට යම් සමානකමක් මෙම ඇඳුම් වල දක්නට තිබෙනවා. 

Aug 26, 2025 - 10:01
Aug 26, 2025 - 10:16
 0  64
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ඉංදියාවේ කේරළයෙන්ද?

කූත්තු යනු dance යන්නයි. හිංදු මිථ්‍යා කථා හා වීර කාව්‍යයන් ඉදිරිපත් කරන කලාවක්. අතීතයේදී චක්‍යාර් කූත්තු පංසල් පරිශ්‍රයට පමණක් සීමා වුණා. මෙම කලාව රඟ දැක්වූයේ චක්‍යාර් ප්‍රජාවේ සාමාජිකයින් පමණයි. එබැවින් චක්‍යාර් කූත්තු යන නම ලැබුණා. චක්‍යාර් කූත්තු ඒක පුද්ගල රංගන කලාවක්. එය සම්භාව්‍ය ඒකපුද්ගල රංගනයක්.

මෙය කූතම්බලම් නමින් ආගමික උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර අතරතුර පංසල් ශාලාවේ (temple theatre) නර්තනය කෙරුණා. චක්‍යාර් කූත්තු හි මුළු කතාවම ඉදිරිපත් කරන්නේ තනි රංගන ශිල්පියෙකු විසින්. මුහුණේ වේශ නිරූපණය බත් කුඩු, කහ කුඩු සහ කළු කුඩු වලින් සිදු කෙරෙනවා. ඔහු එක් කනක ආභරණයක් ද අනෙක් කෙනෙහි බුලත් කොළයක් ද පැළඳ සිටිනවා. පසුබිමේ බෙර වාදනය කරනවා.

චක්‍යාර් කූත්තු හි විශේෂත්වය වන්නේ උපහාසාත්මක, සමාජ විවේචන, හාස්‍ය කථා ඉදිරිපත් කිරීමයි. පුරාණයේදී චක්‍යාර්ට රජු සහ ඔහුගේ ක්‍රියාවන් පවා විවේචනය කිරීමට අයිතියක් තිබුණා. චක්‍යාර් කූත්තු, යුනෙස්කෝව විසින් පිළිගත් පැරණිතම සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායන්ගෙන් එකක් වන කූටියාට්ටම් වලින් පරිණාමය වී තිබෙනවා. විස්තීර්ණ ඇඳුම් පැළඳුම් සහ වේශ නිරූපණයෙන් සැරසී, රංගන ශිල්පියා රාමායණය සහ මහා භාරතය වැනි වීර කාව්‍යයන්ගෙන් කථා රඟදක්වනවා.

වසර 1800 කට වඩා පැරණි, 2 වන සියවසේ භරත මුනිවරයා විසින් රචිත නාට්‍ය ශාස්ත්‍රයේ චක්‍යාර් කූත්තු හි මූලයන් තිබෙනවා. මුලින් පංසල් වල පමණක් රඟදැක්වූ චක්‍යාර් කූත්තු විනෝදාස්වාදයට වඩා පූජනීය පූජාවක් ලෙස සලකනු ලැබුවා.

  • උඩරට වෙස් ඇඳුම සහ වෙස් නැටුම

උඩරට වෙස් ඇඳුම් කට්ටලය සහ වෙස් නැටුම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සම්භාව්‍ය නර්තන සම්ප්‍රදාය වන උඩරට නර්තනයේ සංකේතාත්මක අංගයි. මේවා හුදෙක් රංගන මෙවලම් පමණක් නොව ඒවා ගැඹුරින් පූජනීය සහ සංස්කෘතික වශයෙන් ගෞරවයට පාත්‍ර වෙනවා.
පුරාණ චාරිත්‍රානුකූලව උඩරට වෙස් ඇඳුම සහ වෙස් නැටුම පැවතගෙන එන්නේ කොහොඹා කංකාරියෙ නි. ආශිර්වාද ඉල්ලා සිටීමට සහ නපුර දුරු කිරීමට කොහොඹා දෙවිවරුන් මුල්කොටගෙන සිදු කරන පවිත්‍ර කිරීමේ උත්සවයක් ලෙසයි කොහොඹා කංකාරිය හැඳින්වෙන්නේ. මුලින් පිරිමින් විසින් පමණක් නර්තනයේ යෙදුන, විශේෂයෙන් වාර්ෂික මහනුවර ඇසළ පෙරහැර අතරතුර, කීර්තිමත් සංස්කෘතික රංගනයක් ලෙසින් ගෞරවාදරයට පාත්‍රවන වෙස් නැටුම වඩාත් කැපී පෙනෙන්නේ උඩරට වෙස් ඇඳුම් කට්ටලය හේතුවෙන්.

කේරළය සහ ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් තිස්සේ සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා බෙදාගෙන තිබෙනවා. චූලවංශය වැනි පුරාණ ග්‍රන්ථවල ශ්‍රී ලංකා ඓතිහාසික සන්දර්භයන් තුළ කේරළය ගැන සඳහන් වෙනවා. කේරළය සහ ශ්‍රී ලංකාව සමාන භූගෝලීය පසුබිම් සහ දේශගුණයේ සමානතා තිබෙනවා. උඩරට වෙස් ඇඳුම් කට්ටලයේ සහ ඉංදියාවේ කේරළයේ චක්‍යාර් කූත්තු රංග වස්ත්‍රාභරණ වල සමානතා පිළිඹඳව විද්වතුන් සහ පර්යේෂකයින් නොයෙක් මත ඉදිරිපත්කොට තිබෙනවා. කෙසේ වෙතත්, ඕනෑම කෙනෙක් දුටු පමණින් මෙහි සමානතා දැකගැනීමට හැකිවෙනවා.

What's Your Reaction?

Like Like 4
Dislike Dislike 0
Love Love 1
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 1
Chanchala Bulathwatta I am an award-winning senior television producer and director at the premier television channel in Sri Lanka. (Independent Television Network) I had an international training in Malaysia about tele drama script writing and NHK Japan about digital terrestrial broadcasting. I am the founder and principal of “ Chanchala Bulathwatta academy of arts, Rome, Italy”