රනිල් අත්අඩංගුවට ගැනීම පීඩිත පන්තියේ සහ මධ්‍යම පන්තියේ ජයග්‍රහනයක්ද?
රනිල් කියන්නේ Original වලව් ලේ.. ඒ කියන්නේ රාජපක්ෂලා වගේ වලව් වල වලං හෝද හෝද ඉඳලා පස්සේ නම හොරකම් කරගනිපු වලව් නෙමෙයි.. Original ලේ වල වෙනස තමයි එයාලට Equal අය නෑ.. එයාලට අනිත් හැමෝම එයාලට වඩා පහතයි.. මේක නිකන්ම ඇඟෙන්ම එන දෙයක්.. ඒ නිසා රනිල්ට, රනිල් ආදරේ කරපු මිනිස්සු කියලා ජාතියක් නෑ.. එයාට ඉන්නේ දැසි දස්සෝ විතරයි..

උපුටා ගැනීමකි......
මේ තියෙන්නේ මම මගේ ජීව්ත කාලෙට දකින්න පුලුවන් වෙයි කියලා හිතපු ඡායාරූපයක් නම් නෙමෙයි.. එක අතකින් මේක මට සතුටු හිතෙන ඡායාරූපයක්.. නමුත් වයසක මනුස්සයෙක් එහෙම හිරේ යද්දි සතුටු හිතෙනවා නම් එතන තියෙනවා තමන්ගේ හිතේ තියෙන Rule එකක් කඩා දැමීමක්.. Rule එකක් කඩනවා නම් ඒක Justify කරන්න ඕනේ.. ඒ නිසා මෙතනින් පහලට තියෙන්නේ මගේ Justify කිරීම..
රනිල් කියන්නේ Original වලව් ලේ.. ඒ කියන්නේ රාජපක්ෂලා වගේ වලව් වල වලං හෝද හෝද ඉඳලා පස්සේ නම හොරකම් කරගනිපු වලව් නෙමෙයි.. Original ලේ වල වෙනස තමයි එයාලට Equal අය නෑ.. එයාලට අනිත් හැමෝම එයාලට වඩා පහතයි.. මේක නිකන්ම ඇඟෙන්ම එන දෙයක්.. ඒ නිසා රනිල්ට, රනිල් ආදරේ කරපු මිනිස්සු කියලා ජාතියක් නෑ.. එයාට ඉන්නේ දැසි දස්සෝ විතරයි..
මෙන්න මේ Ideology එක උඩ ඉඳන්ම රනිල් මම ඉපදෙන්නත් කලින් කාලෙක අතිශය කදිම කොල්ලෝ කෙල්ලෝ Generation එකක්ම විනාශ කලා.. මේක මම නොදැක්කට මේක ඇහැට දැකපු මිනිස්සු තාම මේ රටේ ජීවත් වෙනවා.. අනිත් අතට මමත් දැකලා නැත්නම් මේ රනිල් සර් අපිට කැම දුන්නා, රනිල් සර් අපිට තෙල් දුන්නා කියලා මේකෙ අඬන ඇච්චෝ බැච්චෝ කොහොමත් ඕක දැකලා තියෙන්න විදියක් නෑනේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ඇතිවුන Gap එක ලංකාවේ කවදාවත් පුරවන්න පුලුවන් හිඩැසක් නෙමෙයි.. මේ Genocide එකත් එක්ක පරලොව ගියේ ලංකාවේ Spirit එක වගේ Generation එකක්.. මතවාදයක් දරන්න කොන්ද තිබුන, වැරදි දේට වැරදි කියන්න හයිය තිබුන Generation එකක්ම මේකත් එක්ක එහෙ බලලා මෙහෙ බලද්දි නැති වෙලා ගියා.. මැරුණ ගොඩක් අය උගත් කැම්පස් ලමයි නිසා ඒ ඒ ක්ෂේත්‍ර වලට වුන පාඩුව ගණන් හැදුවොත් ඒක ගණන් කරලත් ඉවර කරගන්න බැරි පාඩුවක්..
හේතුව අපි පුංචි රටක්.. පොඩි ජනගහණයක්.. මැරෙන ඉක්මනට උපද්දන්න අපිට බෑ.. ඒ නිසයි අපි කොල්ලෝ කෙල්ලන්ට තුවක්කුවක් උරුක් කරන්න කලින් දෙපාරක් නෙමෙයි දහපාරක් හිතන්න ඕනේ.. ආපස්සට ගන්න බැරි එකම එක තමයි මරන එක.. රනිල්ලා වලව් ඌස්ණෙ අරන් දහස් ගාණක් ලමයින්ට මේක කලා.. හේතුව.. මම මුලින් කිව්ව වගේ වලව්කාරයන්ට මිනිස්සු කියලා ජාතියක් පේන්නෙ නෑ, එයාලට පේන්නේ දැසි දස්සෝ ටිකක් විතරයි..දැසි දස්සෝ ටිකක් මැරුවට කමක් නෑ.. තව ඕනෙ තරම් ඉන්නව නේ.. ඒ කරපු දේ ගැන විතරක් හිතුවත් මරණ මංචකේදි හරි විඳවන්න ඕනේ මිනිහෙක් රනිල් කියන්නේ..
ඒ නිසා හරියට බැලුවොත් ලංකාවේ නීතියට අත තියන්න බැරුව හිටපු එකම Level එක රනිල් හිටපු Level එක.. අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි මේ Level එකට යටින් තමයි රාජපක්ෂලා ඉන්නෙත්.. රාජපක්ෂලාට තියෙන්නේ ලොකු පිරිස් බලයක් නිසා ආරූඪ කරගත්ත බලයක්.. මේක 2022 මෙහෙම කරද්දි නැති වෙලා ගියා.. ඒ නිසා ඒක 2025 තව දුර්වල වෙනවා මිසක් තව ශක්තිමත් වෙන්නේ නෑ.. ඒක නාමල් දන්නවා.. ඊයේ නාමල් රාජපක්ෂ වොයිස් කට් එකක් දෙද්දි මූන බැලුවා නම් ඔයාලට ඒක තේරෙයි.. නාමල් ප්‍රේමදාස මහත්තයගේ පුතා වගේ මෝඩයෙක් නෙමෙයි.. ඒත් මිනිහා අමාරුවේ වැටෙන්නෙත් හැබැයි තාත්තා වගේම වටේ ඉන්න යන එන මං නැතිව ඉන්න මෝඩ රැල නිසා තමයි කවදාහරි..
හරි අපි ආයේ Main Story එකට එමු.. මෙන්න මේ Level එකට අත තියපු නිසා ලංකාවේ නීතිය මම හිතන්නේ සුද්දගෙ කාලෙන් පස්සේ අත තියපු ඉහලම තැනට අත තියලා තියෙනවා.. හේතුව තමයි සුද්දගේ නීතියත් සුද්දා ලව්වම තමන්ගේ ආරක්ෂාවට නවා ගත්ත පරම්පරාවල පුරුකක් තමයි රනිල් කියන්නෙ.. ඒ නිසා මේ සිදුවීම රෝම ලන්දේසි නීතියටත් හික් ගෑවෙන අවස්ථාවක්.. සුපිරිම Case Study එකක්..
රනිල් හැමදාම කලේ ව්‍යවස්ථාවේ හිල් හොය හොය පැනලා ගියපු එක.. එහෙම හොය හොය එයාට අවශ්‍ය දේ කරගත්ත එක.. කොහොම වුනත් රනිල්ට හිරේ ගිහිල්ලා කල්දේරම් බත් කන්න නොවුනත් තමන්ව නීතියට අහු වුනා කියන සිතුවිල්ලම ඇති එයාගේ Ego එක බිඳ වැටෙන්න.. ඔය පැලැන්තියේ මනුස්සයෙක්ට වෙන්න පුලුවන් නරකම දේ තමයි එයාගේ Ego එක බිඳවැටීම.. ඊට පස්සේ ඉතින් හිටියත් නෑ වගේ තමයි.. ඔයාලා හිතන්නේ අර නුවර එක්කෙනෙක් මලේ බටර් කාලා වැඩි වෙලා ආපු පපුවේ අමාරුවකට කියලද..
රටක නීතිය හරියට තියෙනවා නම් ඒක තරම් සාමාන්‍ය මහජනතාව සතුටු වෙන, පාදඩයෝ කලබල වෙන වෙනත් කිසිම දෙයක් නෑ.. රටක් හදන්න අණයි බණයි දෙකම Balance එකේ තියෙන්න ඕනේ..
මෙච්චර කල් තිබ්බේ බණ විතරයිනේ.. ඊයෙන් පස්සේ රටේ අණත් තියෙනවා කියලා හොඳ මිනිස්සුන්ට ඇත්තටම සතුටු වෙන්න පුලුවන්.. අනිත් අයට නම් ටිකක් අමාරුයි.. ❤
~ ගිහාන් පන්තියගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි. Click here to See original Post
What's Your Reaction?






